හුම්! සනිදා දහයට මාත් post එකක් දාන්න හිතුව. සමහරු දැන් ඒක ටිකක් මග ඇරලත් තියෙන හන්ද##. ඒත් කොහෙ... වැඩයි, කම්මැලිකමයි අස්සෙ ඕවට ඉඩක් ##. ඒ හන්ද මේ ඊයේ පෙරේදාවක, කලක් නොඇසුන සිංදුවක් මතක්ක උනා. ඒක මෙහෙම පබිලිස් කරන්නම්... හුදී ජන පහන් සංවේගය සලකලා.

 

හදිසියේ post එක දාන හන්ද ඉතීම් වැඩි විස්තරයක් නෑ ඕන්!

 

බොහොම සරල වචන ටිකක්... යටි හෝ ගැඹුරු අරුත්ගැන්වීමක් නැතිව, තාලයට කියන්ට පුලුහං විදිහට පද ටික ලස්සන රටාවකට ගලපලා තමා ලියල තියෙන්නෙ. පද මාලාවෙ අයිතිකරු කැළුම් ශ්‍රීමාල්. පද වැලට හරියන සංගීතය පොඩි වේග රිද්මයට මුසු කපිරිඤ්ඤ හැඩයක් වගේ නෙ?. සංගීතය මහින්ද බණ්ඩාරයන්ගෙන්. ගායනය ඉමාන් පෙරේරා. වැඩිය සිංදු කරල නැති ගායකයෙක්!

 

සරල සුගම ස්ටොරියේ හැටියටනම් ලාස්සන කෙල්ලෙක්ට තදින්ම ලව් කරන කොල්ලෙක්. කෙල්ල වෙන්ට නිළිය. අල්මෝස්ට් ඩාන්සින් ලේඩි.

 

ඉතීම් කෙලී ඩාන්ස් කරන හැම තැනටම මේ බෝයිපෙන්ඩ් හෝ වෙන්ඩ බලාන ඉන්න බෝයිපෙන්ඩ් කොලුවත් යනව. ගිහින්... ඇය කරළිය මන්මත් කරමින් නර්තනයෙ යෙදෙන ඒවත් එකක් නෑර බලාන ඉන්නව. පපුව කීස් ගානවත් ඇති, අනික් එවුනුත් මයෙ කෙම්ලගෙ හැඩ බලනව නේදත් කියල හිටං. මේ අස්සෙ අඹුව කරගන්නයි කම්පනාව..... මේ ලාස්සන නිළියව!

 

* * ** * *

 

ලස්සන නිළියේ

නුඹ රඟනව දැන් කරළියේ

නුඹ හින්දම මං තාමත් මේ ගැලරියේ

මට අදහ ගන්න බැරි ජීවිත පෙරළියේ

ඉරණම විසඳමි දවසක නුඹ ඉදිරියේ

 

ලස්සන නිළියේ

නුඹ හින්දා මං තාමත් මේ ගැලරියේ....

 

මේ කතන්දරේ අවිහිංසක ගෙවිලියේ

එය නුඹට ඔබින භූමිකාව සොඳුරියේ

ලෙළදෙන දේහේ රහස් ඔසුව හෙරලියේ

ඒ වගක් මොටද නේද කෝල දැරිවියේ

 

ලස්සන නිළියේ

නුඹ හින්දම මං ඉන්නව මේ ගැලරියේ...

 

හොඳ බයිස්කෝප් ලැබුණෝතින් හදිසියේ

උඹ වෙනස් වෙලා යාවිද පැණි මුරුසියේ

ඉඩ තියන්නෙපා ලගින්න මට පොලිසියෙ

නුඹ නැතිනම් මට මරණෙ සැපයි කුරුසියේ

 

ලස්සන නිළියේ

නුඹ හින්දම මං මැරෙනව මේ ගැලරියේ...



  සිංදුව අහන්න මෙතැනින් 👉

උදේ කෑම කකා ඉන්න ගමන් සාලේ රේඩියෝ එකෙන් ඇහෙනවා.... ගෝලීය උණුසුම, පාරිසරික විපර්යාස ගැන news කියනව.

අනෙ අපිට මොකෝ. රටේ ලෝකෙ සිද්ධවෙන දේවලින් අපිට වැඩක් තියෙද?. අනික ඒවා මේවා උනා කියල ලෝක මට්ටමින් වෙන සංවර්ධනේ නවත්තන්න කියලයෑ. අනික අපි මේ ඉන්නෙ පශ්චාත් නූතන සමාජයක නෙව. වේගෙන් දියුණු වෙන්න ඕනා. ආර්ථික සංග්‍රාමය ජය ගන්න ඕනා. වැඩ ගොඩයි. හුම්, ඒත් මේ වැඩිවෙන රස්නෙ තමයි කාල ඉන්න බැරි. කමක් නෑ ඉතිං ටිකක් මහන්සි වෙලා හරිහම්බ කරා නම් කාමරේට AC හයිකරල හිටං, ගෙවන්න වාහනයක් හෙමත් ගන්න පුළුවන්. එතකොට ගිරීස්මෙට, පරිසරේට බම්බු ගහගන්න කියල ජීවිතේ ෆුල් කම්පටබල්ව විඳින්න බැරියැ.

-   -   -   -   -   -   -

මොනා කිව්වත් අපිට මේ අවට පරිසරය, සොබාදහම නොසලකා ජීවත් වෙන්න තියා එක හුස්ම පොදක්වත් ගන්න කියලද. දේසේ හැටියට වාසේ... වගේම තමයි වාසේ හැටියට දේසේ වෙනස්කම් සිද්ධ වෙන්නෙත්.

මේ ගැන වෙනස්ම විදිහකට ලියපු ගීයක් තමයි මේ පැණි කුරුල්ලනේ ගීතය. ලියල තියෙන්නෙ උපමා, රූපක වලින් හද සිතුවම් මවන ලූෂන් බුලත්සිංහලයන්. ඒ වගේම සංගීතය... අතිදක්ෂ සංගීතඥයෙක් වුණු සරත් දසනායකයන්ගෙන්. නමුත් ඔහු මෙයට තනු නිර්මාණය කරේ ළමා ගීයකට නැඹුරුවක් දක්වමින් වැඩි ප්‍රාසාංගික බවක් මතුකරන අදහසින් වෙන්න ඕනෑ. මොකද මේ ගීයේ පොඩි වේග රිද්ම රටාවකට සංගීතය එක්ක ගැයෙද්දී මතුපිට වචන හා තනු අතරේ අපේ දෙසවන් වැඩ කරනව මිසක්, යටි තේරුමක් මෙහි අන්තර්ගතව තියෙනවද කියල අපිට එක්වරම දැනෙන්නෙ නෑ. කොහොමින් උනත් දශක කීපයක් තිස්සේ ජනප්‍රිය මේ ගීය කොයිකවුරුත් හොඳහැටි අහල ඇති.

වර්තමාන ලමයගේත් අතීත ලමයගේත් හැසිරීම් රටා, සිතුම් පැතුම් එකම විදිහයි. හරියට අපි හැමෝම ලෝකෙට ඉපදෙන්නෙ අමු නිරුවතින් වගේ. එකම විදිහකට, එකම රටාවකට. ඒත් දැන් ඉන්න ළමයට අතීතේ හිටපු ළමයට තරමින් පරිසරය- සොබාදහම විඳින්න අවස්ථාව, ඉඩ පහසුකම් නැති වෙලා. කොළඹ නම් කුරුල්ලෙක් තියා කපුටෙක්වත් දකින්න හම්බවෙන්නෙ අහම්බෙන්. ඒ දකින්නත් ඉතිං බිත්තිවලින් වටවුණු ලෝකෙන් එළියට දෙමව්පියෝ එක්ක යන්න හම්බෙන සීමිත වූ අවස්ථාවකින් විතරයි නෙ.

ගේ හදන්න කලින් තිබුණ ගහකොළ අතුගාල කපල දාල තමයිනෙ ගේත් හැදුවෙ. එහෙම හදපු මුඩු ගෙවත්තෙ කොයින්ද කුරුල්ලො. ඉතිං මේ වගේ කාලේ ළමයින්ට සෙල්ලං කරන්නත් කෘතීම උද්‍යාන, සත්තු දකින්න සත්ව උද්‍යාන. කුරුල්ලෝ කැලේ ඇතුළට වැදිලා වෙන්න ඇති මේ දේවල් බලං ඉන්න බැරුවම. ගස්... ගහට ගහක් මුණ ගැහෙන්න මොරටුවට යන්න ඇති. ඇල දොළ... ඒවාටත් යන එන මං නෑ. ඒ කලින් ගලාගෙන ගිය පාරවල් දැන් ගොඩ ඉඩම්, සංවර්ධිත බිම් කොටස් වුනු නිසා.

පාර අමතක වී මංමුළාවෙලා........ ඇළ ??

 

පැණි කුරුල්ලනේ - නිල් කොබෙයියනේ

ගිය තැනකින් වරෙල්ලා - පුංචි පුතා ඇවිල්ලා

කැලේ පැන්න මං වගේම බාල සන්දියේ

දඟ කළාට කුරුල්ලන්ට හරිම ආදරේ

 

අඹ දඹ නාරං ගස් යට

කජු පුහුලන් මොර ගස් යට

අප වගේම ලුණු පනින්න - කැට පොල විදලා

පුංචි පුතා එන්න කලින් - උන් හිටිතැන් නැතිවුනදා

ගහට ගහක් මුණ ගැහෙන්න බැද්ද ගිහිල්ලා

 

පැණි කුරුල්ලනේ නිල් කොබෙයියනේ....

 

ඇළේ වතුර නිල් කැටේට

දණ්ඩි කොරලි යන වටේට

කිමිදි කිමිදි පීනන්නට දියබු ගහලා

පුංචි පුතා එන්න කලින්

කළු දිය දහරා හැළිලා

ඇළට පාර අමතක වී මං මුලා වෙලා

 

පැණි කුරුල්ලනේ නිල් කොබෙයියනේ....

 

පද රචනය - ලූෂන් බුලත්සිංහල

සංගීතය - සරත් දසනායක

ගායනය - මිල්ටන් මල්ලවාරච්චි

 

මේ පොස්ටුව කාටවත් මඩ ගැශීම්ක් හෝ චරිත ඝාතනයක් ශඳහා නොවේය.

කලින් දැනුවත් කරල හිටින්න එපෑ. නැට්ටං පොලිස් ගානේ, හතරවෙනි තට්ටු ගානේ යන්ටයි වෙන්නෙ. මට ඒම යන්න, ශිර බයියන් කන්න, ලාච්චු ඇර ගන්ට බැරිය.

ඔන්න මහින්ද මාත්තිය දේසපාලන කලබගෑනි වලින් ඈත් මෑත් වෙලා ගෙදර පොඩි විවේක පාඩුවක ඉන්නකොට හිටන්, නෝනී ඇවිත් කිව්වා ‘මේ.. කෑම ලැහැත්ති...’ කියලා.

මහින්ද හිටියෙ මිදුලෙ හාන්සි පුටුවක කකුල් දෙක ඇඳි දෙකේ තියාන. සාටක පොටත් ළඟම... එතෝට සුරේ එක අතක අනෙක් අතේ පෝං එක. සුළං රැලි හෙමි හෙමීට එන වෙලාවක් මේ. පපුව ඇතුළු උඩ කොටහටත්, සරම අතරින් කයේ යටි කොටහටත් වැදෙන මේ සිහින් සුළං රැලි අතරේ හිත රිදෙන රිදුම් පිරිමදින්... හැබැයි ඒ මැටි පැලක හෙම නෙවේ.... හොඳින් සෙවිලි කළ අනේක විද පහසුකං ඇති modern ගෙදර. එහෙම හිට අප්පච්චි එදා - අද අතර ගැට ගැහුණු අතීත පාලම මත ගමන් කොර කොර හිටියෙ... අයිය, මලෝ, පවුල, තමුන් දැන් හිටින තැන් ගැන. ඒ අස්සෙ ගෝඨා මලයට හච්චුන් එකක් ගෙහුන්ද කොයිද මහින්ද අයියට කෝල් කරනවා.

අයියෙ දැන් කොයිද....... ඉන්නෙ

ගෙදර...... ජනපති මලේ, තා කොහිද?

මාත් ගෙදර...... නිකමට මතක් වෙලා ගත්තෙ. තියන්නං.

හ්ම්. හ්ම්... එහෙම කියල මහින්ද e-bay එකෙන් අලුත ගත් satellite පෝං එක පැත්තකින් තිව්ව. පරණ එකට හැම එකාම දැන් call කරනවනෙ... සැපද කියල බලන්නත් එක්කල. එකයි මහින්ද අලුත් එහෙකට මාරු උනේ... කාලේ අනුව.

මලය උනත් දැන් වැඩි ඇයි හොඳයියක් නෑ වගේ. ඔව් ඔව්.. මිනිහ ලඟදි හම්බුවෙච්චි කොට මට වැන්දෙත් නෑ’. අප්පොච්ච තමාටම කියා ගත්ත. ආයේ මතක් උනා ගෙදර පොඩි සන්දියෙදි මූ මට වැන්දෙත් නෑ නෙව මේ තරම් කියල. එතකොට මූ මට ජනපති වෙලා, හැම ප්‍රසිද්ධ තැනකම වාගේ වැන්දෙ..... ඇයි?. කෙල උනොත් මාව උකසට තියන්න වත්ද. මේ සැකය හිතට අවුදින් මහින්දගේ ඇඟේ මයිල් කෙලින් උනා. ඒ අතරේ ගෙදර ඉන්න වැඩකාර ගෑණිත් ඇවිදින් ‘සර් කෑම ලැහැත්තියි කරල ගොඩක් වෙලා...’ කියල කිව්ව. අප්පොච්ච ඒකටත් හුම් කියාගෙන කුස්සියට ගියෙ ‘වැඩකාරිත් දැන් එක විදියක්.. මේකිත් අපි නැති ටිකේ ගියාද දන්නෙ නෑ උද්ඝෝෂණ වලට’ කියල හිත හිත.

කාල කරලා හිට.. ආයේ ගෙයි වටයක් ගහල මහින්ද, පුටින්ට කෝල් එකක් දුන්න. එහෙ වෙන දේවලුත් දැන ගන්න එපායෑ. පුටියගෙ phone එක හොඳටෝම busy. ආයෙ මහින්ද ආව ඉස්සරහ හාන්සි පුටුවට. ට්‍රීන් ට්‍රීන්... ට්‍රීන් ට්‍රීන්...

හලේ... මහින්ද ගොරෝසු ස්වරය අඩු නොකරම කතා කරා.

හායි මයින්ඩ.....

කවුරු....... අප්පොච්චට දැන් හොඳටෝම කේන්ති. කාපු ඒවත් දිරෝගන්න try කරන වෙලාවෙ බඩත් අතගගා මතක් කරා.

මයින්ඩ... මං මං. මම Joe Biden. බයිය සිංහලෙන්ම කතාව පටන් ගත්ත. ආයේ මොකටද English කියල හිතල. මහින්ද එක පාරම පුදුම උනා අලුත් phone එකේ number එක කොමද මූ හොයාගත්තෙ කියල. ආයේ සිහි උනා සිරාගෙ web site ඒකත් hack කරපු එකේ... පොඩි එකකේ, මේවත් වැඩද කියල.

ආ.... Joe. මොකද මේ හැන්දෑ කරේ... කියල ඇහුවට, ජෝයිගෙන් ඇහුවෙ නෑ දැන් සැපෙන්ද කියල.

හැන්දෑ නෙවේ එළි වෙලා... උඹල කරපු වැඩ ඔක්කොම කොට උඩ නෙ. My god.. උද්ඝෝෂණ දැන් වැඩී නෙ. මේ පාර නම් ගමට ගිහින් බේරෙනවා බොරු වගේ නෙ. ජෝයි බයිය එහෙම කියද්දී මහින්ද පොඩි හිනාවක් දැම්ම. ‘ඕව ඉතින් දේසපාලන ජීවිතේ එනව නෙ. උඩ යනව. යට යනවා.... ඩාම් ඩූම්.   උංගල් උඩය පේර... ආ වැරදුනා. ඕව ගණන් ගන්න ඕන නෑ. ආ... මේ මං තියනව. බැසිල කතා කරනවා. පස්සෙ ගන්නං.

කියන්න බැසිල්.. කියල මහින්ද තම එක කුස උපන් මල්ලීට කතා කෙරුව. අයිය.. මං රට යනව. ගියාට මං ආයෙ එනව. හිතුනොත්... ඇවිත් ආයේ යනව. u can't see me.. එහෙනම් මං තියනවා. ඥාණ අක්කගෙ පිහිටයි.

%^#$# වේ..si. ඕකුං තමා අපිව කෑවේ. මාව කෑවා සුමානය. ගෝඨාව කෑවා මේ ගෑණි. එහෙම කියල මහින්ද රටේ ලොකුම ප්‍රශ්නය: තමන්ගේ රජකම බලුකමට දෑවේ කවුද කියල හිතන්න ගත්ත..

ආයේ කොලේ එකක් ආව ඔය අතරේ... චමල්. අයියත් දැන් වැඩි ඇයි හොඳයියක් නැති වග මහින්දට කතාවෙන් තේරුනා. පෝං එක අරං අනික් අතට මහින්ද ගත්ත උපන්දා හිට තමන්ට වැඩ කරපු 69ටත් වග කියන්න ඕන සමාගම් සභාපතියෙක්ට. ‘මේ ඕයි මං මහින්ද.....’

Hello.. go h.o.m..  ආ....... god evening සර්. කියන්න හදිස්සියේම. ඒම කියද්දී මහින්දට කල්පනා කරා හදිස්සි.... මට මොන හදිස්සිද. ‘මේ මං නිකං ගත්තෙ. තමුසෙ ගැන බලන්න. මං තියනව’. එහෙම කියල මහින්ද ආයෙම තමුන්ගේ සුපුරුදු පුරස්නය මතක් කර ගත්ත.

මං පයිල් තියාගෙන මුන්ට නටන්න දුන්නු හන්ද ද මේම උනේ. නැහ්නං සැලුන් දොර හන්ද ද. විමලයද මාව නැති කලේ... ගමන් පිලවද, ජොනි බෝයිද, වාසු, GL, කබරාල, බැසිලද?...... අපේ හාමුදුරුවනේ. හිත කෑ ගහල කිව්වා. මහින්දට හරියට හිතා ගන්නට බෑ. මොකාද මට, මගෙ රජකමට කෙලෙව්ව එකා කියල. පුටුවෙ මේම වාඩි ගෙන හිතන ගමන් තමන්ගේ හෙවනැල්ල දිහා බලං ගොඩ වෙලා මහින්ද ඒ ගැන කම්පනා කරා.

ඒ අස්සෙ ගොක් කොළ, පොල් කොළ අතරින් බිමට වැටුණු මද හිරු එළියෙන් ඉංගිරීසි අකුරු දෙකක් බිම ඇඳිල තිව්න...


* * * * * * * * *

මට හම්බුනා වෙනස් තාලේ නැකත් සීට්ටුවක්..... මේන් බලන්ඩ. මං හෙම නෙමෙයි ලීවේ ඔන්ට හොඳේ


නැකත් සීට්ටුව.

නව සඳ බැලීම -

හඳ... හඳ නෙවේ බලන්න දෙන්න ඕන අපාය. චන්ද අයිතිය ලැබිච්ච දා ඉඳ කොරගත්ත මරිමෝල් වැඩ හන්ද දැන් හඳේ හාවත් අපට කෝචොක් බොල. ඉතින් කොහොමෑ විලිබියක් ඇතුව හඳක් දිහා උනත් බලන්නෙ. බලනවනං ඕන් මැයි 5 බලාගන්න එකයි ඇත්තෙ. ගල් එහෙම ගහනව නෙමේ.... හිට. අර ඇමටි හුටංලගෙ ගෙවල් වලට වාගේ.

පරණ අවුරුද්ද සඳහා ස්නානය -

අප්‍රේල් 13 වෙනි බදාදා.

ගූ නාන එක කොමත් බොලාට පරම්පරාවෙන් උරුම නිසා ඔලුවෙයි කකුලෙයි නෙමේ පුම්කෙ ඉඳල ගූ අතුල්ලාන, ගාගෙන.... නාන එකයි ඇත්තෙ. ඉෂ්ට දේවතා විදිහට ඤාණක්ක, අර ඇස් අඳ සාත්තරකාරය වගේ අය සිහි කර ගනිල්ල. කොමත් උඹල ඉතිං උන්ගෙ සරණ යන එකේ ආයේ සිහි කරන්න දෙයක් නෑ නෙව... ඕකුං.

නොනගතය -

ඕනෙමනම් පොඩි උන් එක්ක ගොහිං පන්සල පෙන්නන එකයි ඇත්තෙ. ඒත් පොඩි එකා අර හාමුදුරුවෝ ඇයි නිල්, අරය ඇයි කහ කියල අහපුහම දිව කට වේලෙන්න ගනී නං ගෙදරම හිටු..... නැහ්නං ඉන්න පෝලිමක හිටු. කෙබර හලන්නෙ නැතුව... අවුරුදු දවසෙත්.

ආහාර පිසීම, කිරි ඉතිරවීම -

ආහාර පිහින්න කරන්ට්, ගෑෂ්, භූමි තෙල් නැති එකේ ඒ පෝලිම් වලටම වෙලා හිටු... ඒව එනකං. ඇඟේ මාලු නටෝ නටෝ.... එලියට උතුරල යනකං හරි.

ආහාර අනුභවය -

පවුල එක්ක 100යේ ටී එක බෙදාන, කොකිස් පැකට් එකක් කඩාන කන එකයි ඇත්තෙ. තියෙන ඈයො ඉතිං උස්මුරුත්තෙ හැදෙනකං කන, බොන එක කරනවා නෙව.... එපා කීවත්.

වැඩ ඇල්ලීම හා ගණුදෙනු කිරීම -

හරියට වැඩක් කරන පුරුද්දක් කොතැනද තිව්නෙ... අපේ ජහ මනයට. රාජකාරි වෙලාවෙත් මුකුත් නොකර හිටි එකේ වැඩ අල්ලන වෙලෙත් ඒ විදිහටම ඉන්ට එකයි ඇත්තෙ. එදාට බොරු සෝබන ඇතුව. අනික ඉතින් අපේ උන්දලා වැඩක් කරනවා කියන්නෙ ඉතින් නැට්ටෙ හිට ගොම නොවැ.

ගනුදෙනු කරන්න තියා කෑම දිසී මාරු කරගන්න හිතන්නවත් එපා. මේ වෙලාවෙ පෝලිමක නෙවෙයිනං ඉන්නෙ දොර, ජනෙල්, ගේට්ටුව වහල ඇතුළට වෙලා නිස්සදවම හිටු... බල්ලොත් ලිහ දාල. (ඕව ඉතින් කොමත් පුරුදු ඒවා නෙව). ගනුදෙනු කරන්න තියා.... හාල් එන්නෙත් ණයට නැව් වලින්. තියෙන පනං කීය හරි ඒවාට දෙන්න තියා ගනින්ල.

ආහාර අනුභවය, වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම කරන වෙලාවට රෙදි තිව්නොත්.. පාට නොබලා ඇඳගන්ට. ආයේ හෙට අනිද්දා රෙදිත් නැති වෙයි....... වැලේ වනල තියෙන එකේ හිට.

හිස තෙල් ගෑම -

ගාගන්නම ඕනෙ නං පන්සලට පල..... එකා දෙන්න හෙමීට. රොත්තම දැක්ක ගමනෙ හාමුදුරුවො පන්සලේ ගේට්ටුව වහයි.... උද්ඝෝෂණ උන් මෙහෙටත් එනව කියල හිට. හිරිකිතයක් නැති නම් අප්පොච්චිගෙ ගෙදරට ගිහින්ම ගා ගන්න try කරාට කමක් නෑ..... උන්දවත් බය නොකර.

රැකී රක්ෂා සඳහා පිටත්ව යෑම -

යෙදෙන්නෙ අප්‍රේල් 18. ඒත් වැඩපොළෙන් කතා කරන දාට පල. නැහ්නං එදාට වෙන එකෙක් උඹේ පුටුවෙ ඉන්න පුලුවහං.... ඒ තරමට job නැති උන් එලියෙ ඉන්නව බොලව්.

පැළ සිටුවීම -

අනේ උඹල හිටෝන පැළ. වවල තියෙන පැළේකට, ගහකට හරි වතුර ටිකක් දාපල්ලා... පුලුහං වෙලාවකට.

 .

 a

 a

වැඩිම සැරිසැරුණු වීදි

වීදියේ සැරිසරන්නන්

වීදියයේ ලියුම් පෙට්ටිය

Name

Email *

Message *

ලියවුනු වීදි

Translate

මාතලන්ගේ සින්ඩිය

සඳකඩපහණ සින්ඩිය

වීදියේ සින්ඩිය

සින්ඩි365

මසුරං කියුම්

මනුෂ්‍යයා යනු අමුතුම ජීවියෙකි. ඔහු නොපෙනෙන දෙවියන්ට වන්දනාමාන කරන අතර පෙනෙන්නට තිබෙන ස්වභාවධර්මය විනාශ කර දමයි. එහෙත් ඔහු විනාශ කරන්නේ ඔහු වන්දනා කරන දෙවියන් වන ස්වභාවධර්මයටම බව කිසිවිට තේරුම් නොගනී. 

- හියුබට් රිව්ස්

සොඳුරු බව ළඟා කරගන්නට නම් කටුක බව අත්විඳිය යුතු ය. 

අවංක බව මිල අධික තිළිණයකි. එය ලාභ පුද්ගලයන්ගෙන් අපේක්ෂා නොකරන්න. 

- වොරන් බුෆේ

මම කිසි දිනෙක මගේ විශ්වාසයන් වෙනුවෙන් මිය නොයමි. මක් නිසා ද මගේ විශ්වාසයන් වැරදි වීමට ඉඩ ඇති හෙයිනි. 

- බර්ට්‍රන් රසල්