E

උදේ කෑම කකා ඉන්න ගමන් සාලේ රේඩියෝ එකෙන් ඇහෙනවා.... ගෝලීය උණුසුම, පාරිසරික විපර්යාස ගැන news කියනව.

අනෙ අපිට මොකෝ. රටේ ලෝකෙ සිද්ධවෙන දේවලින් අපිට වැඩක් තියෙද?. අනික ඒවා මේවා උනා කියල ලෝක මට්ටමින් වෙන සංවර්ධනේ නවත්තන්න කියලයෑ. අනික අපි මේ ඉන්නෙ පශ්චාත් නූතන සමාජයක නෙව. වේගෙන් දියුණු වෙන්න ඕනා. ආර්ථික සංග්‍රාමය ජය ගන්න ඕනා. වැඩ ගොඩයි. හුම්, ඒත් මේ වැඩිවෙන රස්නෙ තමයි කාල ඉන්න බැරි. කමක් නෑ ඉතිං ටිකක් මහන්සි වෙලා හරිහම්බ කරා නම් කාමරේට AC හයිකරල හිටං, ගෙවන්න වාහනයක් හෙමත් ගන්න පුළුවන්. එතකොට ගිරීස්මෙට, පරිසරේට බම්බු ගහගන්න කියල ජීවිතේ ෆුල් කම්පටබල්ව විඳින්න බැරියැ.

-   -   -   -   -   -   -

මොනා කිව්වත් අපිට මේ අවට පරිසරය, සොබාදහම නොසලකා ජීවත් වෙන්න තියා එක හුස්ම පොදක්වත් ගන්න කියලද. දේසේ හැටියට වාසේ... වගේම තමයි වාසේ හැටියට දේසේ වෙනස්කම් සිද්ධ වෙන්නෙත්.

මේ ගැන වෙනස්ම විදිහකට ලියපු ගීයක් තමයි මේ පැණි කුරුල්ලනේ ගීතය. ලියල තියෙන්නෙ උපමා, රූපක වලින් හද සිතුවම් මවන ලූෂන් බුලත්සිංහලයන්. ඒ වගේම සංගීතය... අතිදක්ෂ සංගීතඥයෙක් වුණු සරත් දසනායකයන්ගෙන්. නමුත් ඔහු මෙයට තනු නිර්මාණය කරේ ළමා ගීයකට නැඹුරුවක් දක්වමින් වැඩි ප්‍රාසාංගික බවක් මතුකරන අදහසින් වෙන්න ඕනෑ. මොකද මේ ගීයේ පොඩි වේග රිද්ම රටාවකට සංගීතය එක්ක ගැයෙද්දී මතුපිට වචන හා තනු අතරේ අපේ දෙසවන් වැඩ කරනව මිසක්, යටි තේරුමක් මෙහි අන්තර්ගතව තියෙනවද කියල අපිට එක්වරම දැනෙන්නෙ නෑ. කොහොමින් උනත් දශක කීපයක් තිස්සේ ජනප්‍රිය මේ ගීය කොයිකවුරුත් හොඳහැටි අහල ඇති.

වර්තමාන ලමයගේත් අතීත ලමයගේත් හැසිරීම් රටා, සිතුම් පැතුම් එකම විදිහයි. හරියට අපි හැමෝම ලෝකෙට ඉපදෙන්නෙ අමු නිරුවතින් වගේ. එකම විදිහකට, එකම රටාවකට. ඒත් දැන් ඉන්න ළමයට අතීතේ හිටපු ළමයට තරමින් පරිසරය- සොබාදහම විඳින්න අවස්ථාව, ඉඩ පහසුකම් නැති වෙලා. කොළඹ නම් කුරුල්ලෙක් තියා කපුටෙක්වත් දකින්න හම්බවෙන්නෙ අහම්බෙන්. ඒ දකින්නත් ඉතිං බිත්තිවලින් වටවුණු ලෝකෙන් එළියට දෙමව්පියෝ එක්ක යන්න හම්බෙන සීමිත වූ අවස්ථාවකින් විතරයි නෙ.

ගේ හදන්න කලින් තිබුණ ගහකොළ අතුගාල කපල දාල තමයිනෙ ගේත් හැදුවෙ. එහෙම හදපු මුඩු ගෙවත්තෙ කොයින්ද කුරුල්ලො. ඉතිං මේ වගේ කාලේ ළමයින්ට සෙල්ලං කරන්නත් කෘතීම උද්‍යාන, සත්තු දකින්න සත්ව උද්‍යාන. කුරුල්ලෝ කැලේ ඇතුළට වැදිලා වෙන්න ඇති මේ දේවල් බලං ඉන්න බැරුවම. ගස්... ගහට ගහක් මුණ ගැහෙන්න මොරටුවට යන්න ඇති. ඇල දොළ... ඒවාටත් යන එන මං නෑ. ඒ කලින් ගලාගෙන ගිය පාරවල් දැන් ගොඩ ඉඩම්, සංවර්ධිත බිම් කොටස් වුනු නිසා.

පාර අමතක වී මංමුළාවෙලා........ ඇළ ??

 

පැණි කුරුල්ලනේ - නිල් කොබෙයියනේ

ගිය තැනකින් වරෙල්ලා - පුංචි පුතා ඇවිල්ලා

කැලේ පැන්න මං වගේම බාල සන්දියේ

දඟ කළාට කුරුල්ලන්ට හරිම ආදරේ

 

අඹ දඹ නාරං ගස් යට

කජු පුහුලන් මොර ගස් යට

අප වගේම ලුණු පනින්න - කැට පොල විදලා

පුංචි පුතා එන්න කලින් - උන් හිටිතැන් නැතිවුනදා

ගහට ගහක් මුණ ගැහෙන්න බැද්ද ගිහිල්ලා

 

පැණි කුරුල්ලනේ නිල් කොබෙයියනේ....

 

ඇළේ වතුර නිල් කැටේට

දණ්ඩි කොරලි යන වටේට

කිමිදි කිමිදි පීනන්නට දියබු ගහලා

පුංචි පුතා එන්න කලින්

කළු දිය දහරා හැළිලා

ඇළට පාර අමතක වී මං මුලා වෙලා

 

පැණි කුරුල්ලනේ නිල් කොබෙයියනේ....

 

පද රචනය - ලූෂන් බුලත්සිංහල

සංගීතය - සරත් දසනායක

ගායනය - මිල්ටන් මල්ලවාරච්චි

2 comments:

  1. තමයිනෙ ගේත් හැදුවෙ

    ReplyDelete
  2. කාලේ ළමයින්ට සෙල්ලං කරන්නත් කෘතීම උද්‍යාන, සත්තු දකින්න සත්ව උද්‍යාන. කුරුල්ලෝ කැලේ ඇතුළට වැදිලා වෙන්න ඇති මේ දේවල් බලං ඉන්න බැරුවම. ගස්... ගහට ගහක් මුණ ගැහෙන්න මොරටුවට යන්න ඇති. ඇල දොළ... ඒවාටත් යන එන මං නෑ. ඒ කලින් ගලාගෙන ගිය පාරවල් දැන් ගොඩ ඉඩම්

    ReplyDelete

වැඩිම සැරිසැරුණු වීදි

වීදියේ සැරිසරන්නන්

වීදියයේ ලියුම් පෙට්ටිය

Name

Email *

Message *

ලියවුනු වීදි

Translate

මාතලන්ගේ සින්ඩිය

සඳකඩපහණ සින්ඩිය

වීදියේ සින්ඩිය

සින්ඩි365

මසුරං කියුම්

මනුෂ්‍යයා යනු අමුතුම ජීවියෙකි. ඔහු නොපෙනෙන දෙවියන්ට වන්දනාමාන කරන අතර පෙනෙන්නට තිබෙන ස්වභාවධර්මය විනාශ කර දමයි. එහෙත් ඔහු විනාශ කරන්නේ ඔහු වන්දනා කරන දෙවියන් වන ස්වභාවධර්මයටම බව කිසිවිට තේරුම් නොගනී. 

- හියුබට් රිව්ස්

සොඳුරු බව ළඟා කරගන්නට නම් කටුක බව අත්විඳිය යුතු ය. 

අවංක බව මිල අධික තිළිණයකි. එය ලාභ පුද්ගලයන්ගෙන් අපේක්ෂා නොකරන්න. 

- වොරන් බුෆේ

මම කිසි දිනෙක මගේ විශ්වාසයන් වෙනුවෙන් මිය නොයමි. මක් නිසා ද මගේ විශ්වාසයන් වැරදි වීමට ඉඩ ඇති හෙයිනි. 

- බර්ට්‍රන් රසල්